Ad Code

Responsive Advertisement

Quick Suggests :-

6/recent/ticker-posts

Software Engineer කෙනෙක් වගේ හිතන්නෙ කොහොමද?


Software Engineer කෙනෙක් වගේ හිතන්නෙ කොහොමද? 

අපි ඕනෑම දෙයක් පටන්ගද්දි අපිට ඒ දේ ගැන පුළුල් අවබෝධයක් නැති වෙන්න පුළුවන්,ඒක මටත් ඒ විදියමයි.මමත් Programming/Developing ඉගෙනගන්න පටන්ගත්තු දවසෙ ඉදන් අවුරුද්දක් විතර යනකන් මටත් ඒ දේවල් ගැන හරි අවබෝධයක් තිබුනෙ නෑ.නමුත්,මම සෑම විටම Application Use කරද්දි කරපු දෙයක් තමා මගේ අවබෝධය අනුව මම ඒ Application එකේ Codes හිතින් මවලා මම තර්ක කරනවා මගෙ දැනුවත්කම අනුව.සමහර වෙලාවට මම දවස් ගණන් ඒ දේවල් හිතනවා,තව මගෙ ජීවිතේ වෙන සාමාන්‍ය එදිනෙදා සිදුවීම් මම හැම වෙලාවෙම Action එකක් කියලා හිතලා හිතින් Programme කරනවා.මේ දේවල් එක්ක මට දැනුණු දෙයක් තමයි මම දවසින් දවස ඇත්ත ලෝකයෙන් ඈත් වෙලා මට ඕනේ කරන Virtual ලෝකයක් මම මවාගන්නවා කියන එක,ඉතිං මම පුළුවන් තරං Try කරා මම මගෙ හිතින් Codes එක්ක මවන Virtual ලෝකය මේ ඇත්ත ලෝකය ඇතුළට Implement කරන්න පුළුවන් Strategies මම ම Build කරන්න පටන්ගන්න වැඩේට.එතකොට මට හිතුනා මම දැන් Engineer කෙනෙක් කියන එක.මොකද Engineer කෙනෙක් කියන්නේ Inovation/Invention කරන්න පුළුවන් කෙනෙක් වෙන නිසා.ඒත් මාව මගෙ හැම Strategy එකකින්ම Fail වුනා,මගේ Plans මට Develop කරගන්න බැරි වුනා,එහෙම වෙද්දි මට හිතුනා මට බෑ මේවා,මම ඉගෙනගෙන මදි,මම දන්නේ මම දන්න දේවල් Use කරලා වැඩ කරන්න විතරයි කියලා.අන්න එතනින්ම තමා මට අවබෝධ වුනේ කොහොමද Engineer කෙනෙක් වගේ හිතන්නේ කියන එක.ඒක මෙහෙමයි,මම දන්න දේවල් විතරයි මම දන්නේ ඒක තමා මගේ Problem එක,මේ Problem එක Solve කරන්න නම් මම දන්න දේට වඩා ඉස්සරහා තියෙන දේවල් ඉගෙනගෙන Practise කරන්න ඕනේ,ආන්න ඒ දේ මම තේරුම් ගත්තු වෙලාවේ ඉදන් තමා මම Engineer කෙනෙක් විදිහට හිතන්න පටන්ගත්තෙ.මොකද Engineer කෙනෙක් කියන්නේ දවසින් දවස අලුත් දේවල් ඉගෙනගන්න,අලුත් දේවල් Practise කරන,අලුත් දේවල් කරන්න Try කරන කෙනෙක් නිසා."i think i have a formula for me as a Software Engineer, ( Problem + Solving Method = Software Engineer )",හරි මම ඉස්සරහට මගේ අත්දැකීම් එකතු කරලා හදපු මගෙ Breif එකක් මම ඔයාලට පැහැදිළි කරලා දෙන්නම්.

හැම Programming Language එකක්ම ගොඩක් වැඩ කරගන්න පුළුවන් Languages.ඒක නිසා Web/Mobile/Desktop මේ Platform හැම එකකම ඔයාට Systems Develop කරන්න අවශ්‍ය නම් ඔයා Java,Python,C,C++,C#,JavaScript,PHP වගේ Languages 2,3ක් හොදට Practice කරන එක ගොඩක් හොදයි.ඒත් එක්කම මේ Languages වලින් ගොඩක් Engineers ලා වැඩ කරන නිසා ගොඩක් ලේසියෙන් Sources හොයගන්න පුළුවන්. ඒ නිසා Developing ගොඩක් පහසුවෙන් පටන්ගන්න පුළුවන්.තව දෙයක් ගොඩක් අය හිතන් ඉන්නවා මේ Software Engineers ලා තනියම ඉන්න හුදකලා වුණු රැකියාවක් කරනවා කියලා,ඒත් ඒක ඇත්තටම එහෙම නෑ,Development කියන්නේ Teamwork එකක්,හැම වෙලාවෙම Engineer කෙනෙක් එක්ක Team එකක් ඉන්නවා,එකිනෙකාට උදව් කරගෙන දැනුම බෙදාගෙන සතුටින් ආදරයෙන් කරන්න අවශ්‍යම රැකියාවක් මේක.හැම වෙලාවෙම හිතන්න ඕනේ "i can do it" කියලා,කිසිම වෙලාවක Engineer කෙනෙක් Backward වෙන්න නරකයි,මම ඒකට දෙයක් කියලා දෙන්නම්,මේක මම මගෙ ජීවිතේ ම Practise කරන දෙයක්,මම මේකට කියන්නේ "CAT" කියලා, "Confidence, Attitude, Trust" හැම වෙලේම මේ Concept එකෙන් Career එක Build කරගන්න Try කරන්න.ඒත් එක්කම අපිට Develop කරද්දි ගොඩක් ප්‍රශ්න එනවා,ඒත් හැම වෙලාවෙම ඔලුවෙ තියාගන්න Language එකෙන් අපිට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියන එක,හොදට හිතන්න,Rest කරන්න,හොදට හිතන්න,හිතෙන දේවල් කරලා බලන්න,බොහොම සූක්ෂමව ඔයාට අනිවාර්යෙන්ම ක්‍රමයක් දෙනවා ඔයාගේ මොළේ Language එකේ දේවල් Use කරලා කොහොමද වැඩේ කරන්නේ කියලා,ඒකයි මම කියන්නේ කිසිම කෙනෙක් 100%ක් කිසිම දෙයක් දන්නෙ නෑ,හැබැයි අපි තප්පරෙන් තප්පරේ මේ 100%න් 0.00001ක් හරි ඉගෙනගන්නවා,ආන්න ඒකයි Engineer කෙනෙක් සාර්ථක වෙන්නේ එයාගේ තීරණ වලින්.මේකටත් හැමවෙලේම හිතන්න,"am technological mindsetter then i can be a genius" කියලා.අපි හිතමු පළවෙනි Project එක කියලා,ඒනම් පොඩ්ඩක්වත් බයවෙන්න එපා,උඩත් මම කිවුවා,"i can do it" නේ,දැන් අපිට ඉන්නවා Internet කියලා කෙනෙක් එයාට පුළුවන් ඔයාව Guide කරන්න ඔයාගේ Task එක Complete වෙන තැනට,ඒත් එක්කම මෙතනින් අපේ මොළේ ඒ Module එක උයලා කනවා,හොයාගෙන අමාරුවෙන් Complete කරන Task කවදාවත් අමතක වෙන්නෑ,ඒ කියන්නේ ඊළග Project එකත් යම් තරමක් අපි 1st Project එකෙන් Practise වෙලා තියෙනවා,මෙන්න මෙහෙමයි Genius වෙන්නේ.තව නිතරම හිතේ තියන් ඉන්න මේ විසදන්නේ මේ ලොකේ ඇතුළේ තියෙන ප්‍රශ්නයක් කියලා.අන්න ඒකෙන් ඔයාගේ Mind එක නිකන්ම ඔයාව Push කරනවා ඉස්සරහට යන්න.ජීවිතේ Vibe එක Passion එක Hobby එක Crush එක Girlfriend/Wife හැමදේම Engineering කරගන්න.එතකොට ආත්මයෙන්ම Programming/Developing කරන Engineer කෙනෙක් ඇතුළේ ජීවත් වෙනවා.අන්තිමටත් කියන්න තියෙන්නේ "i can do it","CAT- Confidence, Attitude, Trust","am a technological mindsetter then i can be a genius" මෙන්න මේවා තමන්ගෙ කරගන්න,ඔයාගේ ගමන කාටවත් නවත්වන්න බෑ.ඉවරායි.

E-Mail :- gawesh2020java@gmail.com
Youtube :- https://www.youtube.com/channel/UCwm7djDtBaueTDqXt_GIFKw
Linkedin :- https://lk.linkedin.com/in/gawesh-prabhashwara-792ab1205
Facebook :- https://www.facebook.com/gawesh98
Twitter :- https://twitter.com/gawesh_98
Instagram :- https://www.instagram.com/gawezh/
Tiktok :- https://www.tiktok.com/@gawesh_prabhashwara?lang=en

Post a Comment

0 Comments